A Peaceful Journey!

A Peaceful Journey!

They paid homage to the body of the great Kalyana Mittha Ven. Thich Nhat Hanh (Thay) by practicing the Dhamma... by meditating as he was instructed ... by ordaining the disciples who were practicing... a weekful of mindfulness in his final journey...

No matter what school of Buddhism... no matter what type of practices... no matter what kind of rituals... the pure Buddhist teachings resonance through actions and speak of those who truly dedicate to the path of enlightenment. 

Gratitude to those who took time & effort to share this noble event with the world.  No matter how busy the ceremony was, the peace & the mindfulness was clearly visible.  A truly exemplary memorial ceremony of a great teacher.  There were loads of guidance which we took from the noble one's teachings for the success of our path of nibbana.  Gratitude for everything!

දින ගණනක් පුරාවට තමන්ට බණ දහම් කියා දුන් උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ දේහයට නිසි ආකාරයෙන් ගෞරව දැක්වූයේ බණ දහම් ප්‍රගුණ කරමින් ය... උන්වහන්සේ කියා දුන් ආකාරයට භාවනාවේ නිරත වෙමින්... උන්වහන්සේ ගෙන් ගුරුහරුකම් ලද පිරිස සසුනට ඇතුලත් කර ගන්නා පැවිදි පින්කම් සිදු කර ගනිමින්... උන්වහන්සේ පැවසූ සේම සතිමත්ව නිදහස්ව සිදු කරන අවසන් කටයුතු...

කුමන රටක... කුමන නමින්... කුමන ස්වරූපයෙන්... කුමන සම්ප්‍රදායෙන් තිබුණත් සම්මා සම්බුදු සසුනක සැබෑ ගුණ දම් පුරන උතුමන් අනුව යන ඒ ගුණ තමන් තුල වඩා ගන්නට වෙර දරන සත්පුරුෂ ශ්‍රාවක පිරිසගේ සැබෑ ස්වභාවය මෙයයි. නිවන් මඟ ප්‍රගුණ කරන... සැබැවින්ම අවංකවම කැප කිරීම් සිදු කරන ගිහි පැවදි දෙපාර්ශවයට මහා ආදර්ශයක් ම කර ගත හැකි උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගේ නික්ම යෑමක්!

නව තාක්ෂණය ඔස්සේ ලොවටම බෙදා දෙන්නට වෙහෙස මහන්සි වූ සත්පුරුෂ පිරිසක්... කොතරම් කටයුතු බහුල වුවත් තම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ පෙන්වා දුන් සතිමත් බව... විවේකී බව... නිදහස් බව... ආධ්‍යාත්මික ශාන්තිය සියල්ල පිළිබිඹු වන දින ගණනාවක්!

ලෝකයක් සැනසූ මහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක්... ඔබ වහන්සේගෙන් අපගේ නිවන් මඟ කළ එළි කර ගැනීමට ද උකහා ගත් දේ බොහෝමයි!  ඔබ වහන්සේ තුලින් අප දුටු මහා ගුණ කඳට පිදෙන උපහාරයයි!

       

 

Rajitha Viduransi | Kelaniya, Sri Lanka